අද නොගියොත් ආයේ කවදාවත් අපට එයින් මිදී යන්නට බැරි වේවි..... රාගය නැති ද්වෙශය නැති මෝහය නැති මිහිපිට කවරදාකවත් විඳ නැති සමාධි සුවය... අප ඒ අමා මහ නිවීම වෙත රැගෙන යනු ඇත....


Share this page

අසාර වූ සසරේ සරතැස නිවී සැනසෙන්න....

සබඳ ඔබ ද මම ද මේ සසරේ බොහෝ දුර ආවෙමු
අනේක විද දුක්ක දෝමනස්ස අප වින්දෙමු

මල් පෙත්තක තරම් මෘදු මොලොක් සුවය ද
මරැ කතරක වැලි කැටයක තරම් කර්කශ බව ද
නිමක් නැතිව අප අත් වින්දෙමු

දැන් අප නිත්‍ය නොවූ මේ සැමදේ අත්හැර
යළි නොයෙන්නට වෙන්ව යන කාලයයි.....

අද නොගියොත් ආයේ කවදාවත්
අපට එයින් මිදී යන්නට බැරි වේවි.....

රාගය නැති ද්වෙශය නැති මෝහය නැති
මිහිපිට කවරදාකවත් විඳ නැති සමාධි සුවය...
අප ඒ අමා මහ නිවීම වෙත රැගෙන යනු ඇත....

දෑස පියා මදක් සිතන්න
ඉවසිල්ලෙන් සාවධානයෙන්....

මඟ නොදැන අප මොනතරම් කාලයක් 
මේ සසරෙ සැරිසරන්න ඇද්ද...
මඟ නොදැන අප මොනතරම් ප්‍රමානයක් 
අකුසල් කරන්න ඇද්ද...

මින් මතු එවන් මඟ නොදැන කරන
අකුසලයෙන් අත මිදී නිවී සැනහෙන්න
මේ අවස්ථාවයි......

තව කියවන්න.......

සියල්ල ඇත්තේ ඔබ ලඟමය. ඔබ ඔබම දකින්න.


free counters