අනේක විද දුක්ක දෝමනස්ස අප වින්දෙමු
මල් පෙත්තක තරම් මෘදු මොලොක් සුවය ද
මරැ කතරක වැලි කැටයක තරම් කර්කශ බව ද
නිමක් නැතිව අප අත් වින්දෙමු
දැන් අප නිත්‍ය නොවූ මේ සැමදේ අත්හැර
යළි නොයෙන්නට වෙන්ව යන කාලයයි.....
අද නොගියොත් ආයේ කවදාවත්
අපට එයින් මිදී යන්නට බැරි වේවි.....
රාගය නැති ද්වෙශය නැති මෝහය නැති
මිහිපිට කවරදාකවත් විඳ නැති සමාධි සුවය...
අප ඒ අමා මහ නිවීම වෙත රැගෙන යනු ඇත....
දෑස පියා මදක් සිතන්න